ප්‍රාදේශීය ලේකම් කාර්යාලය – සමෘද්ධි අංශය
දැක්ම
"වසර 2030 වන විට දුගී බවෙන් තොර, සවිබලගැන්වූ සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක් බිහි කිරීමට කටයුතු කරන පුරෝගාමී ආයතනය බවට පත්වීම"
මෙහෙවර
“ආන්තීකරණයටපත්ජනතාව (ආර්ථිකමය, සමාජයීය, දේශපාලනික, භෞතික,මානසික,නෛතික,හා පාරිසරික) සවිබලගැන්වීම හා ප්‍රාදේශීය විෂමතාවය අවම කිරීම සඳහා කාර්යක්ෂම, සඵලදායී,වේගවත්හා ඵලදායී විසඳුම් ජනහිතකාමී ලෙස ක්‍රියාවට නැංවීම සඳහා, දෙපාර්තමේන්තු, ප්‍රජාමූල සංවිධාන හා ක්ෂුද්‍ර මූල්‍ය ආයතන ජාලය හා වෘත්තිකයන්, රජය, පෞද්ගලික, ජනතා සහ දේශපාලන අංශවල මනා දායකත්වය හා දේශීය හා ගෝලීය ආයතන වලද සහභාගීත්වයෙන්, දුගී බවෙන් තොර, සමෘද්ධිමත් දේශයක් ගොඩ නැංවීම තුළින් ආර්ථික සංවර්ධනයට දායක වීම.”
සමෘද්ධි සහනාධාර වැඩසටහන
පවුල් තේරීම
- 2015/2016 සිදුකල සමීක්ෂණය මගින් සකස් කර ඇති ලේඛනයෙන් ප්‍රමුඛතාවය අනුව පවුල් තෝරා ගනී.
- වසමේ සමෘද්ධි සංවර්ධන නිලධාරී හා කලාප කළමණාකරුගේ නිර්දේශය හා ප්‍රාද්ශීය ලේකම්ගේ අනුමැතියෙන් ඉවත් කරන සහනාධාරලාබීන් වෙනුවට නව පවුල් අළුතින් සහනාධාර ලබාදීමසදහා ඇතුලත් කරයි.
| පවුලේ ප්‍රමාණය | වටිනාකම |
| සාමාජිකයින් 1 ක් හෝ 2 ක් | 1500/= |
| සාමාජිකයින් 3 දෙනෙක් | 2500/= |
| සාමාජිකයින් 4 කට වඩා | 3500/= |
| සවිබල ගැන්වූ පවුල් | 420/= |
සහනාධාරයේ සංයුතිය
| මුද්දරයේ වටිනාකම | මුදල් මුද්දරය | අනිවාර්ය ඉතිරි කිරීම් | නිවාස ලොතරැයිය | සමාජ ආරක්ෂණය |
| 1500/= | 1250/= | 100/= | 50/= | 100/= |
| 2500/= | 2150/= | 200/= | 50/= | 100/= |
| 3500/= | 3050/= | 300/= | 50/= | 100/= |
| 420/= | 270/= | 50/= | 100/= |
විස්තර
- මුදල් මුද්දරය
- ප්‍රතිලාබියාගේ බැංකු ගිණුමට බැර කරන අතර එය සමෘද්ධි බැංකුව මගින් ලබා ගත හැකිය.
- අනිවාර්ය ඉතිරි කිරීම්
- අවුරුදු 70 සම්පූර්ණ වීම
- දරුවකු විශ්ව විද්‍යාල අධ්‍යපනය ලැබීම
- විශේෂිත රෝගයකින් පෙළීම (වකුගඩු, පිළිකා, ශෛල්‍යකර්ම)
ප්‍රතිලාබියාගේ බැංකු ගිණුමට බැර කරන අතර මුදල් ලබා ගැනීම සදහා පහත නිර්ණායක එකක් හෝ සම්පූර්ණ වී තිබිය යුතුය.
- නිවාස ලොතරැයිය
- ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකට එක බැගින් මාස් පතා දිනුම් අදිනු ලැබේ.
- වටිනාකම රු. 200,000.00 වේ.
- නිවාස ඉදිකිරීම්, ඉඩමක් මිළ දී ගැනීම හෝ ව්‍යාපාරික කටයුතු සදහා ලබා දෙනු ලැබේ.
- සමාජ ආරක්ෂණය
- දරු උපත් සදහා රු. 7500 බැගින් දරුවන් තිදෙනෙකුට
- පවුලේ විවාහයන් සදහා රු. 7500 බැගින්(උපරිම විවාහ දෙකක්)
- මරණයකට රු. 15000 බැගින්(මරණ ප්‍රමාණය සීමාවක් නැත)
- රෝහලගතවීම් වෙනුවෙන් වර්ෂකට දින 30ක් සදහා රු. 7500 ක උපරිමයකට යටත්ව දිනකට රු. 250 බැගින්
- නිවුන් දරු උපත් සදහා දරුවන් දෙදෙනෙකුට රු. 5000 බැගින් ද දරුවන් තුනක් හා ඊට වැඩි උපත් සදහා රු. 10000 බැගින් ද මාසිකව එක් වර්ෂයක් සදහා
පහත කරුණු සදහා මෙම මුදල් නිදහස් කිරීම සිදුකරයි.















