අපගේ දැක්ම
තිරසාර සංවර්ධනයක් තුලින් තෘප්තිමත් ජනතාවක් වෙසෙන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය බවට පත් වීම.අපගේ මෙහෙවර
රාජ්‍ය ප්රතිපත්තීන් වලට අනුව සේවා සැපයීම , සම්පත් සම්බන්ධීකරණය සහ ජනතා සහභාගීත්වයෙන් යුත් කාර්යක්ෂම සහ තිරසාර සංවර්ධනයක් තුලින් ප්‍රදේශයේ ජන දිවිය නංවාලීම.රිදීගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉතිහාසය
මාදුරේ කෝරළය ඉහල විසිදෙකේ නැගෙනහිර කෝරළය සහ හේවාවිස්ස කෝරළය යන කෝරළ එකට එක් කරමින් 1974 වසරේ දී ස්ථාපිත කරනු ලැබූ ප්‍රාදේශීය ආදායම් පාලක ප්‍රදේශය, රිදීගම ආදායම් පානල ප්‍රදේශය රිදීගම පරිපාලන ඒකකය වශයෙන් හඳුන්වනු ලැබීය. නැගෙනහිරින් මාතලේ දිස්ත්‍රික්කයත්, බටහිරින් වර්තමාන මාවතගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයටත්,උතුරින් වර්තමාන ඉබ්බාගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයටත්, දකුණින් මහනුවර දිස්ත්‍රික්කයටත් සීමා වූ ග්‍රාම නිලධාරි වසම් 40 කින් සමන්විත මෙම පරිපාලන ඒකකයේ ප්‍රථම ආදායම් පාලක නිලධාරියා වූයේ ලලිත් හීන්ගම මහතාය. 1975 වසරේ දී ස්ථාන මාරුවීම් ලැබූ මෙතුමාගෙන් පසුව එස්.දෙමටපිටිය මහතා මෙම තනතුරට පත් විය. ඒ වන විට මෙම කාර්යාලය පවත්වාගෙන යනු ලැබූවේ හේවාවිස්ස කෝරළයට අයත් කවිසිගමුව හන්දියේ පුද්ගලික ස්ථානයකයි.
1975 සිට 1980 දක්වා මෙම තනතුරෙහි සේවය කළ එස්.දෙමටපිටිය මහතා මෙම කාර්යාලය මාදුරේ කෝරළයේ පිහිටි රඹුකන්දන ග්‍රාමයේ පුද්ගලික ස්ථානයක් වෙත ගෙන යනු ලැබීය.
1980 වර්ෂයේ දී ප්‍රාදේශීය ආදායම් පාලකයා වශයෙන් විල්බට් ගොඩවෙල මහතා මෙම තනතුරෙහි වැඩ භාරගනු ලැබීය.මෙතුමාගේ සේවා කාලය තුලදී දිස්ත්‍රික් විමධ්‍යගත ප්‍රතිපාදන යටතේ නව කාර්යාලයක් ඉදි කරනු ලැබූ අතර, එම ගොඩනැගිල්ල 1980 සැප්තැම්බර් මස 22 දින උත්සවාකාරයෙන් විවෘත්ත කරනු ලැබීය. මෙහිදී තනතුරු නාමය සහකාර රජයේ නියෝජිත වශයෙන්ද, කාර්යාලය සහකාර රජයේ නියෝජිත කාර්යාලය වශයෙන්ද, සමකාලීනව සිදු වූ වෙනසකි. එහි ප්‍රතිඵලයක් වශයෙන් 1987 වසරේ දී විශේෂ සේවා නිලධාරීන්, ග්‍රාම නිලධාරීන් වශයෙන් අන්තර්ග්‍රහණය කරනු ලැබූ අතර, සහකාර රජයේ නියෝජිත කොට්ඨාශය ග්‍රාම සේවා වසම් 60 කින් සමන්විත කරනු ලැබීය. අවුරුදු 9 ක සේවා කාලයකින් පසුව සහකාර රජයේ නියෝජිත වරයා වූ විල්බට් ගොඩවෙල මහතා ස්ථාන මාරුවීම් කරනු ලැබීය. බලය විමධ්‍යගත කිරීමත් සමගම තනතුරු නාමය ප්‍රාදේශීය ලේකම් වශයෙන්ද, කාර්යාලය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වශයෙන්ද, හඳුන්වනු ලැබීය. ග්‍රාම නිලධාර වසම් සංඛ්‍යාව 113 දක්වා වැඩිකරනු ලැබීය. මේ අනුව 1989 වර්ෂයේ දී රිදීගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ප්‍රථම ප්‍රාදේශීය ලේකම් වශයෙන් ආර්.ද.එස්. වඩුතන්ත්‍රී මහතා පත්කරනු ලැබීය. මෙතුමාගේ දෑ අවුරුදු සේවා කාලයෙන් අනතුරුව 1991 වසරේ දී එස්.ඩී.ජී.ලෝරන්ස් මහතා මෙම තනතුරට පත් වීය. මෙම වසරේදීම මෙම මහතා ස්ථාන මාරු ලැබූ අතර, එවකට සහකාර ප්‍රාදේශීය ලේකම් වශයෙන් කටයුතු කළ ඒ.පී.ජී. කිත්සිරි මහතා 1991 සිට 1993 දක්වා වැඩ බලන ප්‍රාදේශීය ලේකම් වශයේන කටයුතු කරන ලදී.
1993 වර්ෂයේ සිට 2004 දක්වාම රිදීගම ප්‍රාදේශීය ලේකම් වශයෙන් අවුරුදු 11 ක සේවා කාලයක් සපුරාලමින් එම්.එම්.ඩබ්.පී.බී.ඒකනායක මහතා විශ්‍රාම යාම සිදු වූයේ ද මෙම කාර්යාලයෙනි. අනතුරුව එල්.එච්.රම්‍යසිරි මහතා 2004 වර්ෂයේ දී මෙම තනතුරෙහි වැඩ භාරගන්නා ලදී. මෙතුමා ස්ථාන මාරු වීම් කරනු ලැබුවේ 2005 වර්ෂයේ දී ය. පසුව ප්‍රාදේශීය ලේකම් වශයෙන් 2005 වසරේ සිට 2011 දක්වා වසර හයක සේවා කාලයක් තුළ ස්වකීය සේවය කොට්ඨාසයේ ජනතාව වෙත සපයනු ලැබූවේ ආර්.ඒ.එස්.ජයතිලක මහතාය. 2011 සිට 2016 දක්වා රිදීගම ප්‍රාදේශීය ලේකම් දූරයට පත් වූයේ ආර්.එම්.පී.රත්නායක මහතාය. 2016 වර්ෂයේ දී මෙතුමා ස්ථාන මාරුවීම් ලබන ලදී. එතැන් සිට 2019 පළමු කාර්තුව දක්වා එම්.එස්.එම්. නවාස් මහතා ප්‍රාදේශීය ලේකම් ලෙස සේවය කළේය. එතැන් සිට 2020 අවසානය දක්වා එම්.පී.ඩබ්ලිව්. ශිරෝමනී මහත්මිය රිදීගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රාදේශීය ලේකම් ලෙස සේවය කරනු ලැබේ. ඉන් අනතුරුව කෙටි කාලයක් සඳහා වැඩබලන ප්‍රාදේශීය ලේකම් ලෙස එන්.ඒ.එස්.ප්‍රියන්කර මහතා සිය සේවය ඉටු කළේය. ඉන් පසු 2021 ජනවාරි 6 වන දින සිට ඩබ්ලිව්.ජී.කේ. වික්‍රමසූරිය මහතා වත්මන් ප්‍රාදේශීය ලේකම් ලෙස සිය රාජකාරිය ආරම්භ කළේය.
1973 වසරේ සිට රිදීගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය කල ආයතන ප්‍රධානීන්
| නම | සිට | දක්වා |
| ලලිත් හීන්ගම මහතා | 1973 | 1975 |
| එස්.දෙමටපිටිය මහතා | 1975 | 1980 |
| විල්බට් ගොඩවෙල මහතා | 1980 | 1989 |
| ආර්.ද.එස්.වඩුතන්ත්‍රි මහතා | 1989 | 1991 |
| එස්.ඩී.ඊ.ලෝරන්ස් මහතා | 1991 | 1992 |
| ඒ.පී.ජී.කිත්සිරි මහතා | 1992 | 1993 |
| එම්.එම්.ඩබ්.පී.බී.ඒකනායක මහතා | 1993 | 2004 |
| එල්.එච්.රම්‍යසිරි මහතා | 2004 | 2005 |
| ආර්.ඒ.එස්.ජයතිලක මහතා | 2005 | 2011 |
| ආර්.එම්.පී.රත්නායක මහතා | 2011 | 2016 |
| එම්.එස්.එම්.නවාස් මහතා | 2016 | 2019 |
| එම්.පි.ඩබ් ශිරෝමනී මහත්මිය | 2019 | 2020 |
| එන්.ඒ.ඒ.එස් ප්‍රියංකර මහතා (වැ.ආ) | 2020 | 2021 |
| ඩබ්.ජි.කේ.ඩී වික්‍රමසූරිය මහතා | 2021 | - |
![]() |
![]() |

















