සුබසාධක ප්රතිලාභ
- රට තුළ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් අවශ්‍යතා ඇති අය සොයා ගැනීම සඳහා නව යෝජනා ක්‍රම රැසක් හඳුන්වා දී ඇත.
මහජනාධාර
- අඩු ආදායම්ලාභීන් අසරණ පුද්ගලයින්,රෝගීන්,අබාධීත අය සඳහා නිකුත් කෙරේ.
- ඉල්ලුම් පත්‍රය සම්පූර්ණකොට ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී වෙතට ලබා දිය යුතුය. ග්‍රාම නිලධාරීගේ නිර්දේශය සමඟ සමාජ සේවා අංශයන්ට නිර්දේශ කළ යුතුය.
- අවුරුදු 60ට අඩු අයෙක් නම් අසනීප තත්වය මත අයදුම් කිරිමේදී වෛද්‍ය සහතිකයක් අවශ්‍යය.
උපකරණාධාර(රෝදපුටු/අත්වාරු/ඇස්කණ්ණාඩි/කිහිලිකරු)
- අඩු ආදායම් ලාභීයකු වීම.
- අදාල උපකරණය භාවිතා කිරීම සඳහා වෛද්‍ය සහතිකයක්.
- පෝරමය සමඟ ග්‍රාම නිලධාරී නිර්දේශය.
ශිෂ්‍යාධාර
- පියා මිය ගිය අසරණ පවුල් වල දැනට පාසල් අධ්‍යාපනය ලබන දරුවන් සඳහා මෙම ශිෂ්‍යාධාර පිරිනැමේ.
- ඉගෙනගනු ලබන පාසලේ අධ්‍යාපනය ලබන බවට ලිපියක්. (විදුහල්පතිවරයාගේ අත්සන සහිතව)
- උප්පැන්න සහතිකයේ පිටපතක්
- පියා මිය ගොස් හෝ අතහැර ගොස් ඇත්නම් මරණ සහතිකයේ හෝ දිවුරුම් ප්‍රකාශයක්.
රෝගාධාර
- පිළීකා, ක්ෂයරෝග,තැලසීමියා වැනි රෝග සඳහා ආධාර ලබාදීම.
- අදාල රොගය ඇති බවට පිළිගත් වෛද්‍ය සහතිකය.
- ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් ලබා දෙන පෝරමය සම්පූර්ණ කිරීම.
- ප්‍රාද්ශයේ ග්‍රාම නිලධාරීවරයාගෙන් අඩු ආදයම් ලාභීයකු බවට සහතිකයක්.
ආබාධිත නිවාස ආධාර
- ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් ලබා දෙන පොරමය සම්පූර්ණ කිරීම.
- අයදුම් කරු සතුව ඉඩමක් තිබීම.(එය ඔප්පුවකින් තහවරු කල යුතුය)
- ඉඩමක් නොමැතිනම් ඉඩමක් ලබාදීමට යම්කෙනෙකු කැමැත්ත ඇතිවිට ඒ සඳහා ගිවිසුම් පත්‍රය.(මෙය ප්‍රාදේශීය ලේකම් හෝ සමාජ සේවා නිලධාරියාගේ මූලිකත්වයෙන් සිදුවේ)
- අඩු ආදායම් ලාභීන් බවට ග්‍රාම නිලධාරී ලිපියක්.
- ආබාධිත තත්වය පිළිබද පිළීගත් වෛද්‍ය වරයකුගේන් ලබාගත් සහතිකය.
- කාර්මික නිලධාරීන්ගෙන් ලබා ගත් නිවාස සැලැස්ම හා ඇස්තමේන්තුව.
- වයස තහවරු කර ගැනීමට උප්පැන්න සහතිකය හෝ හැදුනුම්පතේ ඡායා පිටපතක්.
- රු.250000ට වැඩි ඇස්තමේන්තු සඳහා එම වැඩි ප්‍රමාණය ලබාගන්නා ආකාරය සඳහන් ලිපි ලේඛන හෝ වෙනත් ලේඛන.
ආබාධිත ස්වයං රැකියා ආධාර
- ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් ලබා දෙන පොරමය සම්පූර්ණ කිරීම.
- ආබාදිත බව සඳහන් වෛද්‍ය වාර්තාව.
- සමාජසේවා නිලධාරී වාර්තාව.
- ස්වයං රුකියා සඳහා අවශ්‍ය භාණ්ඩ මිලදී ගන්නේ නම් ඒවායේ විස්තර.
- ඉල්ලුම් පත්‍රයේ සඳහන් ස්වයං රුකියා ව්‍යාපෘති වාර්තාව.
- අඩු ආදායම් ලාභින් බවට ග්‍රාම නිලධාරී වාර්තාව.
ආබාධිත පුද්ගලයන් සඳහා ජීවනාධාර(රු 3000/=)දීමනාව ලබාදීම
- ආබාධිත තත්වය පිළිබද රජයේ වෛද්‍ය වරයකුගේන් ලබා ගත් වෛද්‍ය වාර්තාව.
- අඩු ආදායම් ලාභි බවට ග්රිම නිලධාරී නිර්දේශය.
තනි මා පිය ස්වයං රැකියා ආධාර
- අවුරුදු 50ට අඩු ස්වාමියා මිය ගිය හෝ අතහැරගිය කාන්තාවන්ට මෙම ආධාර ලබා දේ.
- අඩු ආදායම් ලාභින් බව ග්‍රාම නිලධාරී සහතිකය.
- මරණ සහතිකය හෝ අතහැරගිය බවට දිව්රුම් ප්‍රකාශය.
- පාසැල් යන වයසේ දරුවන් සිටී නම් ප්‍රමුකතාවය හිමි වේ.















